ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයා මහ මඟදී පුද්ගලයෙකුට පහර දෙයි

Friday, 01 September 2017 - 17:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් කාණ්ඩායම නියෝජනය කරන දකුණත් පිතිකරු අම්බති රයිදු, පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රයිදු සිය මෝටර් රථයෙන් හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයට පුහුණු වීම සඳහා යන අතර මඟ, මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථයේ ගැටී තිබෙනවා.

අනතුරෙන් එම පුද්ගලයාට හානියක් සිදුනොවී ඇති අතර ප්‍රවේශමෙන් රියපදවන ලෙස ඔහු රයිදුට පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම අවස්ථාවේ කෝපයට පත් රයිදු සිය වාහනයෙන් බැසවිත් අදාල පුද්ගලයාට පහර දෙනු ලබනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අම්බති රයිදුට සිය අප්‍රසාදය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව පහතින්..