ශ්‍රී ලංකාව ඊයේ ලද දැවැන්ත පරාජයත් සමඟ සුපිරි ඉන්දියානු ක්‍රීඩකයා ලෝකයටම කියූ සංවේදී කතාව

Friday, 01 September 2017 - 18:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ දිනවල පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් සහ වෙනත් රටවල ක්‍රීඩකයන් කණගාටුව පළකරමින් විවිධ අදහස් දක්වනවා.

ඉන්දියානු කණ්ඩායම සමඟ ඊයේ පැවති සිව්වන එක්දින තරඟයෙන් පසුව ඉන්දියානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වන හර්බජාන් සිං සිය ට්විටර් ගිණුමට සංවේදී සටහනක් යොමුකර තිබීම විශේෂත්වයක්.

ඊයේ පැවති තරඟයේදී ප්‍රේක්ෂකයන් තරඟය නැරඹීමට පැමිණ නොසිටීම සම්බන්ධයෙන් ඔහු මෙම සංවේදී සටහන එක්කර තිබුණා.

\"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතා පහළට මට්ටමකට වැටී ඇති බවත් වෙනදා ප්‍රෙක්ෂකයන්ගෙන් පිරී ඇති ක්‍රීඩංගණ අද වන විට හිස් ව ඇති අතර ප්‍රෙක්ෂකයන් ක්‍රීඩාවෙන් ඇතිවී ඇති බවටයි \" හර්බජාන් සිං තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දෙරට අතර ඊයේ පැවති හතරවන එක්දින තරඟය ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලකුණු 168කින්.

එම සටහන පහතින්..

\"\"