ඉන්දු ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය හෙට

Saturday, 02 September 2017 - 16:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟය හෙට පැවැත්වෙනවා.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

හෙට පැවැත්වෙන තරඟය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සඳහන් කළේ මේ දිනවල කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ දැමීම සඳහා වැඩි වශයෙන් අවධානය යොමුකළ බවයි.

පන්දුවට පහර දෙන පන්දු වාර 50 තුල නිලකුණු පන්දු සංඛ්‍යාව අඩුකර ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ හෙට තරඟය සඳහා උපුල් තරංග ක්‍රීඩා කරනවා නම් කණ්ඩායමෙන් ඉවත්වෙන ක්‍රීඩකයා කවුරුන්ද යන්න පිළිබඳවයි.
 
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේ තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවටයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට එක්දින තරඟ දෙකක තහනමක් පැනවූයේ ඉන්දියාව සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ  04ට බිංදුවක් ලෙස ඉන්දියාව මේ වනවිට ජයගෙන  සිටිනවා.

rn\r\n