මවගේ අසනීපය නිසා ආරම්භක පිතිකරුවෙකුට අවසන් එක්දින තරගය අහිමි වෙයි

Saturday, 02 September 2017 - 19:37

%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් හෙට යළිත් සිය මව් රට බලා පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහුගේ මවගේ අසනීප තත්වයක් හෙත්තුවෙන්.

ඒ අනුව ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන එක්දින තරගයට සහ ලබන 6 වනදා පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ශිකර් ධවාන්ගේ මව අසනීප තත්වයෙන් පසුවුව ද ඇයට කිසිදු බරපතල  තත්වයක් නොමැති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඉන්දීය ආරමභක පිතිකරුවා වෙනුවෙන් මෙතෙක් කණ්ඩායමට කිසිවෙකුත් නම් කර නැහැ.

කෙසේවෙතත් හෙට පැවැත්වෙන එක්දින තරගයේදී අජින්කෙයා රහනේ රෝහිත් ශර්මා සමග ආරම්භක පිතිකරුවෙකු ලෙසට ක්‍රීඩා කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.