අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Sunday, 03 September 2017 - 14:42

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වෙන වෙනවා.

05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 04ට බිංදුවක් ලෙස ඉන්දියානු කණ්ඩායම ජය හිමි කරගෙන සිටිනවා.

මේ අතර මෙම තරඟයෙන් පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් දුරස්ථ වනු ඇති.

එසේ වුවහොත් බටහිර ඉන්දීය කොදෙව් පිළට අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟය ජය ගෙන එංගලන්ත තරගාවලිය 04ට එකක් ලෙස ජය ගැනීම ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත්.

එහෙත් අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් කොදෙව් පිළ එලෙස සුදුසුකම් ලැබීමට එංගලන්ත එක්දින තරගාවලිය 05ට බිංදුවක් ලෙස ජය ගත යුතුයි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට

උපුල් තරංග (නායක)
නිරෝෂන් දික්වැල්ල
ඩිල්ෂාන් මුණවීර
ළහිරු තිරිමාන්න
ඇන්ජෙලෝ මැතිව්ස්
මිලින්ද සිරිවර්ධන
වනිඳු  හසරංග
අකිල ධනංජය
මලින්ද පුෂ්පකුමාර
විශ්ව ප්‍රනාන්දු
ලසිත් මාලිග