අවසන් එක්දින තරඟයේදී ඉන්දියාවට ලකුණු 239ක ඉලක්කයක්

Sunday, 03 September 2017 - 18:40

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+239%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ඉන්දීය පිළ සහ ශ්‍රී ලංකාව අතර 05 වන සහ අවසාන එක්දින තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 04ක් තුල සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 238ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක උපුල් තරංග පන්දු 34කදී හතරේ පහර 09ක් සමඟින් වේගවත් ලකුණු 48ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ හතරවන කඩුල්ලට අගනා සම්බන්ධතාවයක් ළහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස් ගොඩ නැගූ අතර ළහිරු තිරිමාන්න ලකුණු 97ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 55ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර් කඩුලු  05ක් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 239ක්.