කෝලි වාර්තා පොත් අතරට

Monday, 04 September 2017 - 7:54

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ඉන්දියාවට එරෙහි අවසන් තරගයද පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා පිල ඓතිහාසික ක්‍රිකට් පරාජයක් ලැබුවා.

ඒ, සිය රට තුළදී එක්දින තරගාවලි පරාජයක් ලැබීමත් සමගයි.

ඉන්දියාව සමග පැවති තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය 05 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වුණා.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා - රාත්‍රී තරගයක් ලෙස ඊයේ පැවති අවසන් එක්දින තරගය ඉන්දියාව ජයගත්තේ කඩුලු 06 කින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 4 ක් තුළ  සියලු දෙනා දැවී ගියේ ලකුණු 238 කටයි.

ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 46 යි පන්දු 03 ක් තුළ කඩුලු 04 ක් දැවී එම සීමාව පසුකර ගියා.

මෙම තරගයේදී විරාත් කෝලි ලකුණු 110 ක් ලබාගනිමින් ලෝක ශ්‍රේණිගතකිරීම්වල ශතක වැඩිම ප්‍රමාණයක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට ඊයේ පත්වුණා.

ඔහුත් සමඟ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක රිකී පොන්ටින්ද එම ස්ථානයේ පසුවන අතර, ශ්‍රේණිගතකිරීම්වල ශතක වැඩිම ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්.

අගෝස්තු 31 වනදා ඉන්දියාව සමග පැවති හතරවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසුව 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවුණා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලිය සඳහා නිතරඟයෙන් සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාවට එරෙහි එක්දින තරග 2 ක් ජයගැනීමට අවශ්‍යව තිබුණා.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ සිදුවූයේ තරග 05 ට 0 ක් ලෙස ඉන්දියාව හමුවේ අන්ත පරාජයක් ලැබීමටයි.

\"\"