ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අභිමානය රැකගන්න එකම විස්සයි විස්සට පිටියට එන සිංහයන් මෙන්න

Monday, 04 September 2017 - 19:51

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දියාව සමග තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ සියලු තරග ලැජ්ජාසහගත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර එක්දින තරගාවලියට පිවිසෙන්නේ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අභියෝගය ද සමගයි.

පළමු එක්දින තරගය ආරම්භයේ පටන් ඉතා අපහසුවකින් තොරවම පරාජය පමණක් වැළඳගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ද අවසන් කරන්නේ සියලු තරගවල ජයග්‍රාහී අභිමානය ඉන්දියානුවන් හිස පළඳවමින්.

පසුගිය වසරක පමණ කාලයක සිට වැඩිපුරම පරාජයන් පමණක් උරුම කර ගැනීම පුරුද්දක් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව සැවොම පිළිගන්නා කරුණක්.

වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ පැලැස්තර ප්‍රතිපත්ති ඊට ප්‍රධානතම හේතුව බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

ක්‍රිකට් තම ජීවිතය ලෙස සලකන මෙරට ක්‍රීඩා ලෝලීන් ද ඉන් ඈත්ව බොහෝ දුර ගොස් ඇති බව ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ අවසන් එක්දින තරග දෙකේදීම මොනවාට සනාථ වුණා.

පසුගිය වසරේ කොදෙව්වන් සමග පැවැති එක්දින තරගාවලිය ජය ගැනීමෙන් පසු ඉන් අනතුරුව පැවැති එක්දින තරගාවලි 10 කදී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වුණේ අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියත්, සිම්බාබ්වෙහි පැවැති තුන්කොන් තරගාවලියත් පමණයි.

මෙම කඩා වැටීමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ 2019 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නිකුත් කෙරුනා

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ එම සංචිතය පහතින්.

උපුල් තරංග (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
නිරෝෂන් දික්වැල්ල
දිල්ශාන් මුණවීර
දසුන් ශානක
මිලින්ද සිරිවර්ධන
වනිදු හසරංග
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
ඉසුරු උදාන
සීක්කුගේ ප්‍රසන්න
තිසර පෙරේරා
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
විකුම් සංජය

\"\"