ආරම්භක පිතිකරු අද තරඟයෙන් ඉවතට - තවත් ක්‍රීඩකයෙක් වැට උඩ

Wednesday, 06 September 2017 - 10:49

%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9
ඉන්දීය කණ්ඩායමේ මෙරට තරඟ සංචාරය තුළ සිය අභිමානය රැක ගැනීමේ අවසන් අවස්ථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනවා.

ඒ, දෙරට අතර පන්දු වාර 20 තරඟයේදීයි.

ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගංණයේදී අද පැවැත්වෙන්නේ රාත්‍රී තරඟයක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන අතර විස්සයි විස්ස සංචිතයට නම් කර ඇති මිලින්ද සිරිවර්ධනට අද තරඟයට ක්‍රීඩා කළ හැකි ද යන්න පිළිබදව තරඟයට පෙර පැවැත්වෙන පරීක්ෂණයේදී තීරණය කරනු ඇති.

ආබාධයට ලක්වූ මිලින්ද සිරිවර්ධන අද තරගයට ක්‍රීඩා නොකළහොත් ඔහු වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වූ අජින්ක්‍යා රහනේද අද තරඟයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ 8කට සහභාගි වී ඇති අතර ඉන් 5ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟ 10ක් පවත්වා ඇති අතර ඉන් 6ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.