ඉන්දු ලංකා 20 යි 20 තරගය ආරම්භයට බාධාවක්

Wednesday, 06 September 2017 - 18:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+20+%E0%B6%BA%E0%B7%92+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20 යි 20 තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා මතුවී තිබෙනවා.

මේවන විට වර්ෂාව පතිත නොවුන ද අද දිනයේ පැවති වර්ෂාව හමුවේ තරගය ආරම්භය ප්‍රමාද වන බවයි තීරකයන් ප්‍රකාශකර ඇත්තේ.

අද රාත්‍රී 7 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුනා.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම හෝ මෙතෙක් සිදු කෙරුනේ නැහැ.

විනිසුරුවරුන් සහ තරග තීරකයන් විසින් රාත්‍රී 7 ට තණතිල්ල පරීක්ෂා කර තරගය ආරම්භ කරන වේලාවක් ප්‍රකාශයට පත් කරනු ඇති.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙසට සහ එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙසට ජය ගැනීමට ඉන්දියාව සමත්වුනා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන අතර විස්සයි විස්ස සංචිතයට නම් කර ඇති මිලින්ද සිරිවර්ධනට අද තරඟයට ක්‍රීඩා කළ හැකි ද යන්න පිළිබදව තරඟයට පෙර පැවැත්වෙන පරීක්ෂණයේදී තීරණය කරනු ඇති.

ආබාධයට ලක්වූ මිලින්ද සිරිවර්ධන අද තරගයට ක්‍රීඩා නොකළහොත් ඔහු වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වූ අජින්ක්‍යා රහනේද අද තරඟයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ 8කට සහභාගි වී ඇති අතර ඉන් 5ක් ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟ 10ක් පවත්වා ඇති අතර ඉන් 6ක් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.