විරාත් කොලිගේ සටන්කාමී ඉනිම වාර්තා පොත් අලුත් කරයි

Thursday, 07 September 2017 - 9:47

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් අභිමානය රැකගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් ජයගැනීමත් සමඟයි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ 07 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණයි.

අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 2 ක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි හට ඊයේ පැවති තරඟය සුවිශේෂී තරඟක් වුණා.

ඒ, ඔහු ක්‍රීඩා කළ 50වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙම තරඟය වීම හේතුවෙන්.

මෙම තරඟයේදී විරාත් කෝලි පන්දු 54කදී හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමඟින් රැස් කළ ලකුණු සංඛාව 82ක්.

කෝලි ලබාගත් එම ලකුණු 82ත් සමඟින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වීමද තවත් සුවිශේෂී සිදුවීමක් වනවා.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ලකුණු 15,000 සීමාව වේගයෙන්ම පසුකර ගිය ක්‍රීඩකයා බවට පත්වීමට විරාත් කෝලිට ඊයේ තරඟයේදී හැකියාව ලැබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ලකුණු 15,000 සීමාව පසුකර ගිය 33 වන ක්‍රීඩකයා බවට පත් වෙමින්.

මෙම ප්‍රවේගකාරී පිතිකරුවා හට ලකුණු 15,000 සීමාව පසුකර යාම සඳහා මේ වන විට ක්‍රීඩාකර ඇති  ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංඛ්‍යාව 304ක්.

විරාත් කෝලි මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 60 ක්, එක්දින තරඟ 194ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 50කට ක්‍රීඩාකර තිබෙනවා.

කෝලිගේ ඉනිම සහ ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින්..