ඊයේ තරගයේ ලංකාවට ලැබුනු කාසියේ වාසිය ඉන්දියාවට ගිය හැටි

Thursday, 07 September 2017 - 16:11

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ශ්‍රී ලංකාව සමග පැවති 20 යි 20 තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළේ ඉන්දියාව නොව ශ්‍රී ලංකාව බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

තරගය ආරම්භයට පෙර නිල නිවේදක මුරලි කාර්තික් විසින් ශ්‍රී ලංකා නායක උපුල් තරංග සහ ඉන්දීය නායක විරාත් කෝලි හඳුන්වාදීමෙන් අනතුරුවයි කාසියේ වාසිය උරගා බැලීම සිදු කරනු ලබන්නේ.

එහිදී උපුල් තරංග විසින් කාසිය ලබාගෙන එය උඩ දමන අතර විරාත් කෝලි විසින් \"හෙඩ්ස්\"යනුවෙන් ප්‍රකාශ කරනවා.

අනතුරුව තරග තීරකවරයා වු ඇන්ඩි පික්රොෆ්ට් \"ටේල්ස්\" යනුවෙන් ප්‍රකාශ කර ශ්‍රී ලංකා නායක උපුල් තරංග දෙසට ඇගිල්ල දිගු කරනු ලබනවා.

එහෙත් යළිත් ඔහු යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ ද නිවේදක මුරලි කාර්තික් විරාත් කෝලිගෙන් ඔහුගේ තීරණය පිළිබඳ විමසනු ලබනවා.

නිවේවේදකයා මෙහිදී අවධානයකින් තොරව කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එබැවින් තරග තීරකවරයා ප්‍රකාශ කිරීමට ගිය කරුණ පිළිබඳ ඔහුගේ අවධානයක් යොමුවුයේ නැහැ.

සිය තීරණය පිළිබඳ විමසීමෙන් පසු විරාත් කෝලි සඳහන් කළේ තමන් පළමුව පන්දු යැවීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් මෙම තරගයෙන් ඉන්දියාවට කඩුලු 7 ක ජයක් හිමිවුනා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ 20 යි 20 වැනි තරගයක අවසන් තීරණයට කාසියේ වාසිය ද ඉතා වැදගත් සාධකයක් වන බවයි.

rnrn\r\n