කොදෙව්වන් පරදා එංගලන්තය ටෙස්ට් තරඟාවලිය ජය ගනී

Sunday, 10 September 2017 - 8:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති 03 වන ටෙස්ට් තරඟය කඩුළු 09 කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු 123 ක් පමණයි.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 194 ක් ලබාගත් අතර, කොදෙව්වන්ට සිය දෙවන ඉනිමේදී ලබාගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 177 ක් පමණයි.

ඒ අනුව ලකුණු 107 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම එය හඹාගියේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදීයි.

මෙම ජයත් සමඟ කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරඟාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරගාවලියේදි ටෙස්ට් කඩුලු 500 වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්වුනා.

ඔහු ටෙස්ට් කඩුලු 500 ක් ලබාගත් පළමු එංගලන්ත පන්දු යවන්නා ලෙසට වාර්තා අතරට එක්වන අතර එම වාර්තාව පිහිටවු ලොව 6 වැන්නා ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.