ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් CPL ශූරතාව හිමිකර ගනී

Sunday, 10 September 2017 - 15:31

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%9D+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+CPL+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැති 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර  විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව හිමිකරගන්නට ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත්, ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුත් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

අවසන් මහා තරඟය පැවැත් වුනේ ට්‍රිනිඩෑඩ් ටුබෑගෝ හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේදියි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශාන්ත කිට්ස් කණ්ඩායමට ලබා දීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 135ක්.

ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 07ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර්  ලීග් ශුරතාව හිමිකරගත් දෙවන අවස්ථාව මෙයයි.

අවසන් තරඟයේ විශේෂ අවස්ථා පහතින්..