ඉතිහාස ගතවන තරඟයක්ද ඇතුළත්, පකිස්ථාන - ශ්‍රී ලංකා තරඟ මාලාවේ කාලසටහන එළිදකී

Sunday, 10 September 2017 - 17:39

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
පකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ මාලාවේ තරඟ කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙයට ටෙස්ට් තරඟ 02ක් එක්දින තරඟ 05ක් සහ විසසයි විස්ස තරඟ 03ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරඟ මේ මස 28 සිට ලබන මස 02වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වෙන දෙරට අතර ඉතිහාස ගතවන දෙවන ටෙස්ට් තරඟය දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙස ඔක්තෝබර් 06 වනදා සිට 10 වනදා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම සහභාගී වන පළමු  දිවා රාත්‍රී ටෙස්ට් තරඟය මෙය වන අතර මෙම තරඟය සඳහා රෝස පැහැති පන්දුව යොදා ගැනීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය ඔක්තෝම්බර් 13 වනදා ඩුබායි හිදී පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක් දින තරඟ ඔක්තෝම්බර් 16 සහ 18 යන දිනයන් හිදී අබුඩාබි හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

සිව්වන සහ අවසන් එක්දින තරඟය සාජා හිදී පැවැත්වෙන අතර එම තරඟ දෙක පැවැත්වෙන දින වන්නේ ඔක්තෝම්බර් 20 සහ 23 යන දින දෙකයි.

පකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විසසයි විස්ස තරඟ තුනෙන් පළමු සහ දෙවන තරඟ අබුඩාබි හිදී පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 26 සහ 27 යන දින වලදීයි.

අවසන් පන්දුවාර විසසයි විස්ස තරඟය ඔක්තෝබර් 29 දා පකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ ක්‍රීඩා කරන පළමු තරඟය, මෙම විසයි විස්ස තරඟය වීම විශේෂත්වයක්.

\"\"