ජග්මෝහන් දල්මියා අනුස්මරණ දේශනයට සංගක්කාරට ආරාධනයක්

Monday, 11 September 2017 - 11:46

%E0%B6%A2%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි ජග්මෝහන් දල්මියා අනුස්මරණ දේශනය සඳහා ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරට ආරාධනාකර තිබෙනවා.

බෙංගාල ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රීඩක සවරොව් ගංගුලි මෙම ආරාධනය කර තිබෙනවා.

ගංගුලි මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ \" මම සංගක්කාරට කතා කළා. අපි ඉක්මනට දිනය තහවුරු කර ගන්නවා\" යනුවෙන්.

ඉන්දියාවේ බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාව සිටි ජග්මෝහන් දල්මියා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද හිටපු සභාපතිවරයෙක්.

මෙම අනුස්මරණ දේශනය සඳහා බෙංගාල ක්‍රිකට් සංගමය මිට පෙර කීප වතාවක් ප්‍රයත්න දැරුවද විවිධ හේතු ඊට හරස් වුනා.

නොවැම්බර් මස ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය ආරම්භ වීමට පෙර සංගක්කාර මෙම දේශනය කරනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ගංගුලි මිට පෙර සඳහන් කර තිබුනේ ඉන්දියාව බිහි කළ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වන අනිල් කුම්බ්ලේ මෙම දේශනය පවත්වන බවයි.

මිට පෙර සංගක්කාර 2011 දී සංගක්කාර එංගලන්තයේ දී කොලින් කවුඩ්රි දේශනය ද පැවැත්වුවා.

එංගලන්ත කණ්‌ඩායමෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයකු ලෙස සැලකෙන කොලින් කවුඩ්රි සිහිපත් කිරීම වෙනුවෙන් මෙම දේශන මාලාව වාර්ෂිකව පැවැත්වීමට මාලිබෝන් ක්‍රිකට්‌ සමාජය (එම්.සී.සී.) කටයුතු යොදා තිබෙනවා

2003 - සුනිල් ගවස්‌කාර්, 2004 - ක්‌ලයිව් ලොයිඩ්, 2005 - ජෙෆ්රි බෝයිකොට්‌, 2006 - මාර්ටින් ක්‍රෝ, 2007 - ක්‍රිස්‌ටෝෆර් මාර්ටින් ජෙනිකින්ස්‌, 2008 - අගරදගුරු ඩෙස්‌මන් ටුටූ පියතුමා, 2009 - ඇඩම් ගිල්ක්‍රිස්‌ට්‌, 2010 - ඉම්රාන් ඛාන් මෙම දේශනය පවත්වා තිබෙනවා.