ක්‍රිකට් ගොඩගන්න ශ්‍රී ලංකා හිටපු නායකයෙකුට කැඳවීමක්

Monday, 11 September 2017 - 13:32

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ලබන පරාජයන්ගෙන් ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අරවින්ද ද සිල්වාගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

අරවින්දට අමතරව බ්‍රේන්ඩන් කුරුප්පු, ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි, මහේල ජයවර්ධන යන අයගේ සහය මේ සඳහා ලබා ගැනීමට සුදානම් වන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අරවින්ද ද සිල්වාගෙන් හිරු කළ විමසීමකදී ඔහු සදහන් කළේ පොදුවේ ක්‍රිකට් පරිපාලනය සඳහා මේ වනවිට ආරාධනයක් ලැබී ඇති බවත් මේ වනවිට ඒ පිළිබඳව සාකච්ඡා සිදුකරමින් පවතින බවයි.   

මීට ඉහතදීත් අරවින්ද අවස්ථා ගණනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ එක්ව කටයුතු කරනු ලැබුවා.