තවත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ක්‍රීඩා නොකිරීමට තීරණය කරයි

Tuesday, 12 September 2017 - 11:48

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තවත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ක්‍රීඩා නොකිරීමට තීරණය කරයි \"

ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා වන බංග්ලාදේශ පිලේ ෂකිබ් අල් හසන් ඉදිරි මාස 6ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් තරගවලින් ඉවත්ව සිටීමට අවසර ඉල්ලා තිබෙනවා.

ඔහු පෞද්ගලිකව ම මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම මාස 6ක කාලය තුල බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග 2කට හා දකුණු අප්‍රිකාව හා ටෙස්ට් තරග 2කට සහභාගී වීමට නියමිතයි.

ටෙස්ට් තරගවලට සහභාගී නොවුනත් එක දින හා 20යි 20 තරග සඳහා ෂකිබ් අල් හසන් එක් වනු ඇති.

කෙසේ වෙතත් බංගලදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ එම තීරණය පිළිබඳව සිතා ගත නොහැකි බවයි.

ඒ අනුව ඔහු නොමැති තරඟ වලට එක්වන කණ්ඩායම් කළමනාකරණ කරගැනීමට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

2014 සිට බංගලාදේශ කණ්ඩායම සහභාගීවූ සෑම තරඟයකටම ෂකිබ් අල් හසන් එක්වීමද විශේෂ වනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායක උපුල් තරංගද මීට පෙර ටෙස්ට් තරඟවලින් මාස හයකට ඉවත්වීමට තීරණය කළා.

ඒ අනුව ඉදිරියේදී පකිස්ථාන සංචාරයේදී ටෙස්ට් තරඟාවලියට තරංග එක් නොවනු ඇති .

එක්දින තරඟ සඳහා හොඳින් පුහුණුවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු ක්‍රිකට් ආයතනයට දන්වා තිබුනේ.

මේ අතර බංග්ලාදේශ පිලේ ෂකිබ් අල් හසන් ටෙස්ට් තරඟවලින් ඉවත්වීමෙන් අනතුරුව නව ටෙස්ට් සංචිතය ප්‍රකාශ කර තිබෙනවා.

Bangladesh Test Squad

Mushfiqur Rahim (captain),
Tamim Iqbal,
Soumya Sarkar,
Imrul Kayes,
Liton Das,
Mahmudullah,
Sabbir Rahman,
Mehedi Hasan,
Shafiul Islam,
Taijul Islam,
Mustafizur Rahman,
Taskin Ahmed,
Rubel Hossain,
Subashis Roy,
Mominul Haque.