රටම බලාසිටි වැටුණු ක්‍රිකට් ගොඩගන්න අද රැස්වූ සමුළුවේදී හෙළිවූ දේ මෙන්න

Friday, 15 September 2017 - 10:36

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණපා ඇති අභියෝග හමුවේ ඒ සඳහා විසඳුම් සෙවීමට විශේෂ වැඩමුළුවක් අද පෙරවරුවේ වෝටර්ස් ඒජ් හිදී ආරම්භ වූවා.

ක්‍රීඩා ඇමතිධුරයේ තමන් සිටින තුරු අතුරු පාලක කමිටුවක් ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවයි අමාත්‍යවරයා එම වැඩමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළේ.

මෙම වැඩමුළුව තුලදී ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බවයි පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

මෙම විශේෂ කමිටුව සමන්විත වන්නේ ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මිල්ටන් අමරසිංහගේ සභාපතිත්වයෙන්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන සාමාජිකයන්ගෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන්, තේරීම් කමිටු හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, හිටපු පාලක මණ්ඩල - අතුරු කමිටු සභාපතිවරුන් මෙන්ම ක්‍රිකට් මාධ්‍ය නියෝජිතයන් හා වෙනත් ක්‍රීඩාවන්හි අන්තර්ජාතික අත්දැකීම් ඇති ප්‍රවීනයන්, දිස්ත්‍රික් /පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් ද ඊට එක් වනු ඇති බවටයි මීට පෙර වාර්තා වුයේ.

කෙසේ වෙතත් අද පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා පුහුණුකරුවන් ලෙස දැනට කටයුතු කරන චමින්ද වාස් , උපුල් චන්දන වැන්නවුන් ද සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ විදේශ ගත වී තිබෙනවා.

දැනගන්නට තිබෙන පරිදි මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුණි ද ඊට එක්ව නැහැ.

එහෙත් ඔවුන් දෙදෙනා අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා සංවිධාන කළ පාසල් ක්‍රිකට් යළි ගොඩ නැංවීමේ සාකච්ඡාවට එක්  වුනා.

කුමාර් සංගක්කාර මේවන විට විදේශගතව සිටිනවා.

මුත්තයියා මුරලිදරන්, බන්දුල වර්ණපුර, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ  මෙන්ම අමාත්‍ය අර්ජුන රණතුංග ද අද(15) සාකච්ඡාවට එක්ව නොමැති බවයි වාර්තා වන්නේ