ලෝක ක්‍රිකට් විස්සයි විස්ස වැඩකරු තිසර යළි වැඩ පෙන්වූ හැටි මෙන්න

Saturday, 16 September 2017 - 7:00

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තානය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ලකුණු 33 කින් ජයගැනීමට පාකිස්තානය සමත් වූවා.

ඒ අනුව වසර 58 කට පසුව ප්‍රථමවරට තම මව්බිමේ පැවැත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකරගැනීමට පකිස්තානය සමත් වන්නේ 2-1 ලෙසින්.

අවසන් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 183 ක් රැස්කරගත්තා.

එහිදී විශිෂ්ඨ පිතිකරණයක නියැලෙමින් අහමඞ් ශේෂාඞ් පන්දු 55 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමඟ වේගවත් ලකුණු 89 ක් රැස්කළා.

මෙම තරඟාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එහිදී ලෙක කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගතහැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

ලෝක කණ්ඩායම වෙනුවෙන් ඊයේ තරඟයේ පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ තිසර පෙරේරායි.

ඔහු විස්සයි විස්ස පිතිකරණ රිද්මය නැවත පෙන්වාදෙමින් පන්දු 13 කදී ලකුණු 32 ක් රැස්කළා.

එහිදී ප්‍රවේගකාරී පිතිකරු තිසර තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින්.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්. 

\"\" \"\"