කුමාර් ධර්මසේන වාර්තා පොත් අතරට

Monday, 18 September 2017 - 13:31

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ජාත්‍යන්තර විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන සිය විනිසුරු දිවිය තුල සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත්ව තිබෙනවා.

කුමාර් ධර්මසේනට මෙම කඩයිම පසුකර යමින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වීමට හැකියාව හිමිවීම විශේෂත්වයක්.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 150කට විනිසුරුවරයෙකු ලෙස සහභාගී වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්.

ධර්මසේන මේ වන විට 2010 - 2017 කාල සිමාව තුල ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 46ක විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර  2009 - 2017 කාල සීමාව තුලදී ජාත්‍යන්තර එක්දින තරඟ 82ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරඟ 22කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත්තේ 2009 - 2016 කාල සීමාව තුලදීයි.

ධර්මසේනට පෙර, අශෝක ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 150කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමු වැනි විනිසුරු බවට පත්වනවා.

මේ වනවිට ජාත්‍යනතර ක්‍රිකට් තරඟ වැඩිම සංඛ්‍යාවක විනිසුරු ලෙස කටයුතු කර ඇත්තේ පකිස්ථාන ජාතික අලීම් ඩා විනිසුරුවරයා වන අතර එම තරඟ සංඛ්‍යාව 341 ක්.