ක්‍රිකට් තරඟ පාවාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

Tuesday, 19 September 2017 - 12:00

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයට අදාළව පානදුර ක්‍රිඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර පැවැති තරගයේ තුන්වන දිනය චාමර සිල්වා විසින් මගහැරියේ සුවිශේෂී කාරණයක් නිසා බව තමන් දැන ගත්තේ ඊයේ පළ වූ මාධ්‍ය වාර්තා හරහා බව අසේල රැකව මහතා පවසනවා.

ඔහු ඉහත තරගයේ සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයා බැලීමට සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයායි.

 - අසේල රැකව

- විමර්ශනයට අදාළ චෝදනා ලැබූ පාර්ශ්වයන් 27 දෙනා පෞද්ගලිකව පෙනී සිටියා. සමහරු නිතිඥයින් මාර්ගයෙන් පෙනී සිටියා. එක දවසක චාමර සිල්වා මහත්තයා කැප්ටන් රිපෝට් එක අත්සන් කරලා නැහැ. එතකොට අපිට දැනගන්න ලැබුණා බඩේ අමාරුව කියලා කියලා තිබුණා. අද ඊයේ මේ මීඩියා එකෙන් දෙයක් කියන්න ගත්තාම කිව්වාට පස්සේ තමයි ඒ සම්බන්ධයෙන් මමත් දැනගත්තේ.

ප්‍රශ්නය - එතකොට ඔබතුමාලා ඒ නීතිඥයාගෙන් ප්‍රශ්න කළාද මෙයා තුන්වෙනි දවසේ ආවේ නැත්තේ මොකද..?

පිළිතුර - අපි මොකටද එයාගෙන් ගිහිල්ලා ඇයි ඔයා ආවේ නැත්තේ. ඔයාට අසනීපද ඔයාට කවුරුහරි මොනවා හරි කිව්වාද ඒක අපේ වගකීම නෙමෙයිනේ. යම්කිසි පුද්ගලයෙක් උසාවියක වුණත් එයා නිර්දෝෂීනම් එයා ඇවිල්ලා ඒ නිර්දෝෂීභාවය විනිශ්චකාරයා හමුවේ කියන්න එපැයි. එතුමා ආවේ නැත්තේ විශේෂ හේතුවක් මත කියන එක අපේ අවධාරණයට යොමු කලානම් ඒ ගැන අපිට වෙනස් තීරණයක් ගන්න තිබුණා. ඒත් අද වෙනකල් එතුමා අපිටපත් ඉහළ නිලධාරීන්ටවත් ඔහු එදා නොපැමිණියේ විශේෂ හේතුවක් මත කියලා කොහොවත් කියලා නැහැ. මේ විමර්ශනය අතරතුර තෙවන පාර්ශ්වයකගේ බල කිරීම මත මේක සිදුවුණාය කියන එක කිසිම තැනක අපට අනාවරණ වුණේ නැහැ.


-බන්දුල දිසානායක - තරග කමිටු සභාපති

- දඩුවම් ලැබූ අයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒකට ඔවුන් දන්න අතිරේක දේවල් තියෙනවානම් ඔවුන්ට අමතර සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙවානම් ඔවුන්ට එහෙම කරන්න පුළුවන්.



මේ අතර ශ්‍රී ලංකා  කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු චාමර සිල්වාට තරඟ පාවාදීමේ චෝදනාව යටතේ පැනවූ දඬුවම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

සිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් තහනමට එකඟ නොවන බවත් චාමර සිල්වා තරඟ පාවාදීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයා බවයි.

ඒ අනුව ඔහුට වසර දෙකක තහනමක් පනවා ඇති බවත් තරඟ පාවාදීමට සම්බන්ධ පුද්ගලයන්ට වසරක තහනමක් පනවා ඇති බවත් මහේල වැඩිදුරටත් පවසනවා.

මහේල වැඩිදුරටත් පවසන්නේ  පාවාදිමට එක්වූ පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක් ලබාදිය යුතු බවත් මීට සම්බන්ධ වූ නිලධාරින්ටද ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් ලබාදියයුතු බවටයි.

දෙවන පෙළ ක්‍රිකට් තරගයකට අදාළව තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 07ක කාලයක් පුරා පැවති පරික්ෂණයකින් අනතුරුව චාමර සිල්වාට ක්‍රිකට් වලට අදාළ සියලුම කටයුතු වසර 2 කට තහනම් කෙරුණා.

පානදුර ක්‍රිකට් සමාජය සහ කළුතර කායවර්ධන සමාජය අතර එම තරඟය පසුගිය ජනවාරි 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වුණා.

චාමර සිල්වාට අමතරව කළුතර කණ්ඩායමේ නායක මනෝජ් දේශප්‍රියට වසර 02 ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ පරිපාලකයන්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවුණා.

කණ්ඩායම් දෙකටම රුපියල් ලක්ෂ 05 බැගින් වූ දඩයක්ද නියම කර තිබෙනවා.

මෙම තරඟයේ ප්‍රතිඵලය අවලංගු කිරීමෙන් පසු පානදුර සහ කළුතර කණ්ඩායම් වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් සමාජය පළමු පෙළ තරඟ සඳහා සුදුසුකම් ලබනවා.