එංගලන්තය ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තුවට පාර කපයි

Wednesday, 20 September 2017 - 7:04

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟය එංගලන්තය හමුවේ පරාජය වීමට කොදෙව් කණ්ඩායමට සිදුවුණා.

කොදෙව් කණ්ඩායම ලද එම පරාජයත් සමඟ 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක කුසලානය සදහා කිසියම් රටක් සුදුසුකම් ලැබීමේ අවසන් දිනය ලෙස මේ වසරේ සැප්තැම්බර් 30 වන දා ප්‍රකාශයට පත් කර තිබුණා.

එංගලන්තය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය එංගලන්තය ජයගත්තේ කඩුලු 07කින්.
 
තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 42කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204ක්.

ජේසන් හෝල්ඩර් කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

ක්‍රිස් ගේල් ලකුණු 37ක් රැස් කළ අතර ෂායි හොප් ලකුණු ලකුණු 35යි.

ලකුණු 205ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර පන්දුවාර 30යි පන්දු 03කදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.

එංගලන්ත කාණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ජොනී බැස්ටව් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

ඒ, අනුව තරඟ 05කින් සමන්විට එක්දින තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගත්තා.