ලෝකෙම පරාජය කරන්න පුළුවන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මැජික් එක මෙන්න

Wednesday, 20 September 2017 - 12:29

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ දක්ෂතා අතරට නැවත පැමිණෙන බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවීමත් සමඟ  ICC යේ නිල වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබදෙමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

එංගලන්තය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟය එංගලන්තය හමුවේ පරාජය වීමට කොදෙව් කණ්ඩායමට සිදුවුණා.

කොදෙව් කණ්ඩායම ලද එම පරාජයත් සමඟ 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක කුසලානය සදහා කිසියම් රටක් සුදුසුකම් ලැබීමේ අවසන් දිනය ලෙස මේ වසරේ සැප්තැම්බර් 30 වන දා ප්‍රකාශයට පත් කර තිබුණා.

ICC ය විසින් සංවිධානය කරනු ලබන තරඟවලදී බොහෝ අවසථා වල ශ්‍රී ලංකා කණ්ඩායමට මැජික් දර්ශන පෙන්වීමට හැකිවූ බවත් තමන් ඇතුළු කණ්ඩායම නැවතත් එය ඔප්පු කිරීමට සූදානම් බවවත් උපුල් තරංග එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වර්තමානය තුල ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරු තත්වයක පවතින බවත් එහි රහසක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

එසේම තමන් ඇතුළු කණ්ඩායම වෙත ස්තූතිය පුදකරමින් තරංග ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

\"අපිට මේ වනවිට ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය ගැන පැහැදිලි සැලසුමක් තිබෙනවා. ඒ හැමදෙයක්ම ලංකරගන්න අපි ඉතාමත් මහන්සියෙන් වැඩකරනවා. අපි හැමෝම හැමවෙලාවෙම විවේකාගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ මෙන්ම විශාල ජයග්‍රහණ ද රැගෙන එනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැකගන්න පුළුවන් වෙවී.\"