ඉදිරි තරඟ ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුගෙන් බලාපොරොත්තුවක්

Wednesday, 18 October 2017 - 14:34

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පකිස්ථානය සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරඟ 3 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුුණුකරු හෂාන් තිලකරත්න පවසනවා.

දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු කළ නමුත්, පිතිකරුවන් දක්ෂතා අතරට නොපැමිණි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන එක්දින තරඟය අද අබුඩාබි හිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 යි 30 ටයි.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අද තරඟය විශේෂ වන අතර, ඔහු එහිදී ලකුණු 88ක් ලබා ගතහොත් ශ්‍රී ලංකාවේ අඩුම එක්දින තරඟ සංඛ්‍යාවකින් ලකුණු දහස සම්පූර්ණ කරමින් රෝයි ඩයස් පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට දික්වැල්ලට හැකියාව ලැබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රෝයි ඩයස් එම වාර්තාව පිහිටුවා තිබුනේ එක්දින තරඟ 27කට ක්‍රීඩා කරමින්.

නිරෝෂන් දික්වැල්ල මේ වන විට ක්‍රීඩාකර ඇති ජාත්‍යන්තර එක්දින තරඟ සංඛ්‍යාව 26ක්.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන පකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් මෙම සමන්විත වන අතර සෆ්රාස් අහමඩ් එහි නායකත්වය දරණවා.

මෙම සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ද එක්කර තිබෙනවා.

ලෝක කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති පන්දුවාර 20-20 තරඟාවලියට මොහොමඩ් හෆීස් එක් වුයේ නැහැ.

පකිස්ථාන තේරීම් කමිටුව විසින් නම් කළ පකිස්ථාන සංචිතයට සෆ්රාස් අහමඩ් (නායක), ෆාකර් සමාන්, අහමඩ් ෂෙශාඩ්, බාබර් අසාම්, ෂොයිබ් මලික්,
මොහොමඩ් හෆීස්, ඉමඩ් වසීම්, ෂාදබ් ඛාන්, මොහොමඩ් නවාස්, හසන් අලී, ෆාහිම් අෂ්රෆ්, මොහොමඩ් නවාස්, ආමර් යමන්, රුමන් රයිස්, උස්මාන් ශින්වාරි, උමාර් අමින් යන ක්‍රීඩකයින් ඇතුලත්.