ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

Monday, 23 October 2017 - 15:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පිට පිට එක්දින තරගාවලි දෙකක් පරාජයට පත්වීමෙන් පසුව ඇතිව තිබෙන අවමානයෙන් ගැළවීමේ අවසන් අවස්ථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවනවා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් තරගය පැවැත්වෙන්නේ සාජා හිදියි.

මේ වනවිටත් මෙම තරගාවලිය 4 - 0 ක් ලෙස පාකිස්ථානය ජයගෙන අවසන්.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති  එක්දින තරගාවලියේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 11ක් පරාජයට පත්ව ඇති අතර මීට පෙර 1988 වසරේදි ශ්‍රී ලංකාව එක්දින තරග 14ක් පිට පිට පරාජයට පත්වුණා.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරග 05 ද ශ්‍රී ලංකාව පරාජයට පත්වීමද විශේෂත්වයක්.

මේ අතර අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අකිල ධනංජය, ලහිරු ගමගේ, සුරංග ලක්මාල් වෙනුවට විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ අද තරඟයට එක්කර තිබෙනවා.

අද තරඟයට එක්වන පකිස්ථාන කණ්ඩායම මෙන්න .

Imam-ul-Haq               Batsman
Fakhar Zaman               Batsman
Babar Azam               Batsman
Mohammad Hafeez       Allrounder
Shoaib Malik               Batsman
Sarfraz Ahmed (c) †  Wicketkeeper
Imad Wasim               Allrounder
Shadab Khan              Allrounder
Hasan Ali              Bowler
Usman Khan              Bowler
Faheem Ashraf      Allrounder

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

N Dickwella †            Wicketkeeper
WU Tharanga (c)    Batsman
LD Chandimal            Batsman
HDRL Thirimanne    Batsman
S Samarawickrama    Batsman
TAM Siriwardana    Allrounder
S Prasanna            Allrounder
NLTC Perera            Allrounder
PVD Chameera    Bowler
JDF Vandersay    Bowler
MVT Fernando    Bowler