ආරක්ෂක තත්වය පිළිබඳ නිරීක්ෂණයට මෙරට විශේෂ නියෝජිත පිරිසක් පකිස්ථානයට

Wednesday, 25 October 2017 - 12:36

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වීමට සැලසුම් කර ඇති තුන්වන විස්සයි විස්ස තරඟය සඳහා පකිස්ථානයේ පවතින ආරක්ෂක තත්වය පිළිබදව සොයාබැලීමට මෙරට විශේෂ නියෝජිතයින් පිරිසක් අද (25) පකිස්ථානයට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම නියෝජිත පිරිස ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය සහ ඒ අවට පවතින ආරක්ෂක තත්වය, ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටලයේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පකිස්ථානයේ පවත්නා වාතාවරණය සම්බන්ධයෙන් එම තරඟය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

මේ වන විටත් ඔක්තෝබර් 29 වන දින පැවැත්වීමට නියමිත එම තරඟය සදහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විශාල ප්‍රමාණයක් අලෙවි වී ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

පාකිස්ථානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියෙන් පසු සාර්ථක ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ගඩාෆි ක්‍රීඩාංගණය හොඳින් සූදානම් කර ඇතැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය හෙට (26) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා.