සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා විවේකාගාරයේදී කළ දේ නඩුවක් වෙයි (ඡායාරූප)

Thursday, 26 October 2017 - 12:30

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් වෙත එල්ලවී ඇති චෝදනාවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ සම්භාහන නිළධාරිනියකට ජනනේන්ද්‍රය පෙන්වීමයි.

අදාළ සිදුවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පුවත්පත් පසුගිය ජනවාරි මාසයේ වාර්තා කර තිබූ අතර ක්‍රිස් ගේල් එම පුවත්පත් වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඔහු පවසන්නේ එවැනි සිදුවීමක් සිදුනොවූ බවයි.

එහිදී එම නිලධාරිනිය ප්‍රකාශ කර ඇත්තේ තමන් ක්‍රීඩක විවේක කාමරයට පැමිණි අවස්ථාවේ ගෙල් විසින් තමන්ට ඔහුගේ රහස් ප්‍රදේශය පෙන්වූ බවයි.

එම අවස්ථාවේ ගෙල් විසින් තමන්ගෙන් කුමක් සොයනවාදැයි විමසූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එයට පිළිතුරු ලෙස තමන් තුවායක් සොයන බව පැවසූ අවස්ථාවේ ඔහු හැඳ සිටි තුවාය ඈත් කරමින් තමන්ට රහස් ප්‍රදේශය පෙන්වා ඒක මෙය දැයි ඇසූ බවයි ඇය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ සිදුවීම 2015 වසරේ ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අදාළ නඩුව මේ වනවිට  NSW Supreme Court හි විභාග වනවා.

එහි සාක්ෂි සටහන් කරගැනීම අද නිමාවට පත්වුනා.

\"\" \"\" \"\" \"\" \"\"