චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට එයි

Wednesday, 22 November 2017 - 9:00

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
බංගලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ සවස ශ්‍රී ලංකාවට පැමිණියා.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව හතුරුසිංහ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය වෙත පැමිණ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහිදී හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීම පිළිබඳව මෙම සාකච්ඡාව පැවති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් හතුරුසිංහ පූර්ණ වශයෙන් නිදහස් කර නොමැති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර ද විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි.

මේ අතර පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරගැනීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ මෙලෙසින්.
\r\n
\r\n

මේ අතර චන්දික හතුරුසිංහ, බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ එරට ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි කම්පනයට හේතු වී ඇති බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනු ලැබූව ද කණ්ඩායමේ සාමාජිකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට ඒ බව දැන ගැනීමට ලැබුණේ මාසයකට පමණ පසුවයි.

2014 වසරේදී හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා යෝජනා කළ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඞ් මහමුද් කියා සිටියේ හතුරුසිංහගේ ඉවත්වීම තමා විස්මයට පත් කළ බවයි.

ඔහු බංග්ලාදේශ පිළේ හිටපු නායකයෙකු ද වනවා.

මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන තීරක ෆාරුක් අහමඩ් කියා සිටියේ හතුරුසිංහ ඉල්ලා අස්වූ කාලවිරාමය පිළිබඳව ගැටළුවක් පවතින බවයි.

ඔහු 2019 ලෝක කුසලානය දක්වා බංග්ලාදේශය රැගෙන යාමට ගිවිස ගත් පුහුණුකරුවෙකු මෙන්ම ලොව වැඩිම මුදලක් ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ද ෆාරුක් අහමඩ්, හතුරුසිංහ හඳුන්වා තිබෙනවා.