ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී කෝලිගෙන් වෙනස්ම අරමුණක්

Thursday, 23 November 2017 - 15:23

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී කෝලිගෙන් වෙනස්ම අරමුණක්

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී කෝලිගෙන් වෙනස්ම අරමුණක්

එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට සුදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉදිරි තරගවලදී දග පන්දු යැවීමට හිතකර තණතිල්ලක ක්‍රීඩා කිරීමට ද සුදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 3 ක් එක්දින තරග 3 ක් සහ 20 යි 20 තරග 3 ක් ඇතුලත්.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වු අතර දෙවන ටෙස්ට් තරගය හෙට නාග්පුර්හිදී ආරම්භ වීමට නියමිතයි.

විරාත් කෝලි පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකා තරගාවලියට සුදානම් වීමට ඇති හොඳම පියවර දග පන්දු යවන්නන්ට හිතකර තණතිලිවල ක්‍රීඩා කිරීම බවයි.

තමන්ගේ ඉදිරි ක්‍රීඩා කාලසටහන ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් පුහුණුවීම්වලට පවා ලැබෙන්නේ ඉතා අඩු කාලයක් බව කෝලි පෙන්වා දෙනවා.

මාසයක පමණ හෝ විවේකයක් මීළග තරගාවලියට පෙර ලැබුනේ නම් නිසි ලෙසට පුහුණුවීම් සිදුකළ හැකිව තිබු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් ලැබී ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම අරමුණ බව ඉන්දීය නායකයා කියාසිටියා.

ඔහු පෙන්වා දෙන්නේ සෑම අයෙකුම ක්‍රීඩකයන් පිළිබඳ  ගුණ දොස් විචාරනු ලබන්නේ තරගාවලියක අවසන් ප්‍රතිඵලයෙන් පසුව බවයි.

කෙසේවෙතත් ක්‍රීඩකයන්ට ලැබෙන නිදහස සහ අවස්ථාවන් අනුව ඔවුන්ගේ දක්ෂතා දැකබලා ගත හැකිවන බවයි විරාත් කෝලි සඳහන් කරන්නේ.

හොඳ පුහුණුවක් ලැබීමෙන් සහ හොඳ මානසිකත්වයකින් තරගයට පිවිසෙන්නේ නම් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද එය සමාන තත්වයක් බවයි කෝලි කියාසිටියේ.