ශ්‍රී ලංකා දෙවන ඉනිමත් අවසන්

Saturday, 10 February 2018 - 9:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 226ක්.

කෙසේ වෙතත් මෙහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දුවට පහරදුන් නවක ක්‍රීඩක රෝශේන් සිල්වා රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 70ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුලත්.

ඊයේ (09) දිනයේ බංගලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණු 54ක් එක්වෙද්දී ඔවුන්ගේ අවසන් පිතිකරුවන් 6දෙනා ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුනා.

විශේෂත්වය වුනේ ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 3ක් තුල බිඳ වැටීමයි.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයක් තුළ ප්‍රතිවාදී කණ්ඩායමක අවසන් කඩුලු 5 සඳහා ලබාදුන් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්වුණා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට වඩා මේ වනවිට ලකුණු 316 ක් ඉදිරියෙන් සිටිනවා.

සිය දෙවන ඉනිම ආරම්භකළ බංගලාදේශය එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබාගෙන පන්දුවට පහරදෙනවා.

ඊයේ දිනයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn\r\n
\r\nrn
rn\r\n
\r\nrn
rn\r\n

rn\r\n
\r\nrn