ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Saturday, 10 February 2018 - 12:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු  215 කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තුන්වන දිනය වූ අද දිනට තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 200ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමට අද දිනයේදී එක්කර ගැනීමට හැකි වුයේ ලකුණු 26ක් පමණයි.

දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226ක්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 339ක්.

ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 123ක් පමණයි.

බංග්ලාදේශ දෙවන ඉනිම සුනු විසුණු  කළ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය බංග්ලාදේශ කඩුලු 05ක් දවා ගත්තා.

රංගන හේරත් බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 04ක්.

ඒ අනුව තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 01ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.

දෙරට අතර පැවති පළමු තරඟය විසඳුනේ ජය පරාජයෙන් තොරවයි.