ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස හෙට

Saturday, 17 February 2018 - 19:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
කලකට පසු පුර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට බංග්ලාදේශයේ ශිලේට් නුවරට පැමිණෙනවා.

ඒ බංග්ලාදේශ තරග සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහා.

මෙවර බංග්ලාදේශ තරග සංචාරයේදී තුන් කොන් එක්දින තරගාවලිය සහ ටෙස්ට් තරගාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණේ යලි සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින්.

දෙරට අතර පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වුණා.

ඒ නොකඩවා ලැබූ පන්දුවාර 20 ක්‍රිකට් තරග 8ක පරාජයන්ට නැවතීමේ තිත තබමින්.

එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලන්ම පාහේ ලකුණු අතරට පැමිණීම කැපී පෙණුනා.

එහි අවසන් ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දුවාර 20 තරග ඉතිහාසයේ හඹා ගොස් ලැබූ ඉහලම ජය වාර්තා කිරීමයි.

කෙසේ වෙතත් හෙට තරගය පැවැත්වෙන තන තීරුව සත්කාරකයින්ට හැම අතින්ම වාසි සහගත ලෙස සැකසීමට වැඩි ඉඩක් පවතිනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තරගය හෝ ජය ගෙන තරගාවලිය ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සෑම උත්සාහයක්ම ගන්නා නිසයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ඊයේ ප්‍රකාශයට පත් කළ ශ්‍රේණිගත කිරීම් අනුව, විස්සයි විස්ස මෙන්ම, එක්දින ජාත්‍යන්තර සටහනේ ශ්‍රී ලංකාවට තවමත් හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසුවනවා.