කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට ඉන්දියාවට ඇරයුම් කරයි

Tuesday, 06 March 2018 - 18:41

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

අද තරගයේ ඉන්දිය කණ්ඩායමට රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, සුරේෂ් රයිනා, මනීෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, රිෂ්බා පාන්ට්, වොෂින්ටන් සන්ඩර්, විජේ  ශන්කර්, ශර්දුල් තකුර්, ජාදෙව් උනාද්කට් සහ යුස්වේන්ද්‍ර චහාල් ඇතුලත්.

උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර  සහ නුවන් ප්‍රදීප් අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.