පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 152 යි

Monday, 12 March 2018 - 22:05

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+152+%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස්කරගත්තා.

තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙපිලටම හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 19 ක්.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ දනුෂ්ක ගුණතිලක ලකුණු 17 කට සීමා කිරීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක සුරේෂ් රයිනා සමත් වූවා.

ඒ SN Thakur යොමුකළ පන්දුවකට දනුෂ්ක එල්ලකළ වේගවත් පහරක් තම ගුවනට ඉපිලී සුපිරි ලෙස රැකගනිමින්.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමග එක්වූ සියල්ලන්ගේ බලාපොරොත්තුව වූ කුසල් ජනිත් අවාසනාවන්ත ලෙස දැවී යන්නේ කිසිවෙකු නොසිතූ ලෙස පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

Washington Sundar යොමුකළ පන්දුව සියල්ලන් මවිත කරමින් කඩුල්ල සොයගියේ ලකුණු 3 ක් ලබාසිටි කුසල් හරවා පහරක් එල්ලකිරීමට යාමෙන්.

අනතුරුව පිටිය තුල ස්ථාවර වූ මෙන්ඩිස් තරංග සමඟ එක්ව අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවා.

එහිදී උපුල් තරංග පිටියෙන් ඉවත් වූයේ V Shankarගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

තරංගගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසියේ අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන නායක තිසර පෙරේරායි.

පිටිය මොහොතකට යළි සැණකෙළියක් කළ තිසර V Shankarගේ එම පන්දුවාරයේ අවසන් පන්දු දෙකම ගුවනේ තබමින් එකපෙලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ලකළා.

කෙසේ වෙතත් SN Thakur ගේ පන්දුවකට තිසර එල්ලකළ පහරක් YS Chahal විසින් ආරක්ෂාකාරීව රැකගැනීමත් සමඟ තිසරට ලකුණු 16 කින් සෑහීමකට පත්වීමට සිදුවූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් රැස්කරගත්තේ පන්දු 38කදීයි.

ඔහුගේ ඉනිමට හයේ 3 පහර ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත්.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් SN Thakur කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා.

ජයග්‍රහනය සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 153ක්.

\"\"