දකුණු කොරියාව හමුවේ ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

Wednesday, 27 June 2018 - 21:59

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරලිය සිදු කරමින් හිටපු ශූරයන් වන ජර්මනියට පළමු වටයෙන්ම සිය ලෝක කුසලාන සිහිනය අත්හරින්නට සිදුවුණා.

ඒ දකුණු කොරියාව සමග අද පැවති එෆ් කාණ්ඩයේ අවසන් තරගය ගෝල 2 - 0 ක් ලෙස පරාජය වීමත් සමගයි.

මෙම තරගයේ නියමිත මිනිත්තු 90 පුරා කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර කොරියානුවන් සිය ගෝල දෙකම වාර්තා කළේ තරගයේ
ආබාධ හේතුවෙන් අහිමිවූ කාලය වෙනුවෙන් ලබා දුන් අතිරේක මිනිත්තු කිහිපය තුළ වීම විශේෂත්වයක්.

මේ අනුව ජර්මනියට එෆ් කාණ්ඩයේ අවසන් කණ්ඩායම ලෙස පළමු වටය අවසන් කිරීමට සිදුවුණා.

ජර්මනිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පළමු වටයෙන්ම ඉවත් වූ පළමු වතාව මෙයයි.

දකුණු කොරියාවට ද දෙවන වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර එෆ් කාණ්ඩයෙන් ඉදිරියට යාමේ අවස්තාව හිමිවුණේ ස්වීඩනයට සහ මෙක්සිකෝවටයි.

\r\n
\r\n
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"