සුපිරි 16 තරඟ හෙට සිට

Friday, 29 June 2018 - 14:32

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+16+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි කණ්ඩායම් දහසයේ තරඟ හෙට (30) ආරම්භ වීමට නියමිතයි.

කාණ්ඩ 08ක් යටතේ පැවති පළමු වටයේ තරඟ අතුරින් පළමු සහ දෙවන ස්ථාන ලබා ගත් කණ්ඩායම් 16 මෙලෙස තරඟ වදිනවා.

ප්‍රංශය, ආර්ජන්ටිනාව සමඟත් උරුගුවේ, පෘතුගාලය සමඟත් හෙට දිනයේදි තරඟ වැදිමට නියමිත අතර 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු කණ්ඩායම වන ජපානය ජුලි 02 වනදා බෙල්ජියමට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.