අවිශ්ක ගුණවර්ධන ගැන ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Friday, 10 May 2019 - 18:48

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී - ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද (10) පස්වරුවේ මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට එල්ල වී ඇති චෝදනා සියල්ල පදනම් විරහිත බවයි අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළේ.  

ඒ හේතුවෙන් අදාළ චෝදනා නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.