ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

Thursday, 30 May 2019 - 7:47

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ක්‍රිකට් පිටියේ මහා මංගල්‍යය ලෙස සැළකෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3 ට එංගලන්තයේදී ආරම්භ වනවා.

පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩනයේ  ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙවර ලෝක කුසලානයේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාග මුදලක්් හිමි වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

එය රුපියල් හැත්තෑකෝටි අසූලක්ෂයකට ආසන්න මුදලක්.

අනුශූරයන්ට ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් හිමි වන අතර අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙකට ඩොලර් අට ලක්ෂයක් හිමි වනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුලි මස 16 වන දා දක්වා දින 46ක් පුරා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි මස 1 වනදා නවසීලන්ත කණ්ඩායම සමඟ කාඩිෆ් හිදී පැවැත්වෙනු ඇති.