ලෝක කුසලාන තරඟ බිමේ පළමු අභියෝගයට ශ්‍රී ලංකාව සූදානම්

Saturday, 01 June 2019 - 7:52

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාව අද (01) 2019 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අභියෝගයට මුහුණ දෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නව මුහුණුවරක් ගත් ශ්‍රී ලංකා පිළ පෙරහුරු තරඟ දෙකෙන්ම පරාජයට පත්වුවද, එක්දින ජයග්‍රහණ විරාමය අවසන් කළේ ස්කොට්ලන්තයට එරෙහිව ජය වාර්තා කරමින්.

නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ ආක්‍රමණශීලී පිතිකරුවන් සහ වේගවත් පන්දු යවන්නන් රැසක් සමඟයි.

ඔවුන් අයි.සී.සී. එක්දින දර්ශකයේ 04 වන ස්ථානයට පැමිණියේ  ඕස්ට්‍රේලියාව ද අභිබවමින්.

කෙසේ නමුත්, තිසර පෙරේරා, ලසිත් මාලිංග වැනි ප්‍රබල ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකාව, නවසීලන්තයට අභියෝගයක් එල්ල කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවන් ලෙස ස්ථාවරයක් ගොඩනගා ගැනීම ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණයේ අඩිතාලම වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරඟය කාඩිෆ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වනු ඇති.