කුසල්ගේ සහ දිමුත්ගේ වෑයම අපතේ හරිමින් මැද පෙළ, ඕස්ට්‍රේලියාවට ජය පුදයි

Saturday, 15 June 2019 - 22:36

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%2C+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ රිද්මයට පිවිසීමට පැවති මහඟු අවස්ථාවක් ශ්‍රී ලංකා පිලේ පළපුරුදු ක්‍රීඩකයන් සහිත මැදපෙළ අද අහිමිකරගත්තා.

ලන්ඩන්  ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස  ඕස්ට්‍රේලියාවට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 7 ක් දැවී ලකුණු 334 ක් රැස් කළා.

නායක ඒරන් ෆින්ච් ලකුණු 153 ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන කඩුලූ 2 බැගින් ලබාගත්තා.

පුහුණුවේදී තුවාල ලැබුවද මෙම තරගයට එක් කළ නුවන් ප්‍රදීප් සිය පන්දු වාර 10 තුළදී ලකුණු 88 ක් ලබාදීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ල සඳහා පන්දු වාර 15 යි පන්දු 3 කදී ලකුණු 115 ක් රැස් කළා.

දිමුත් සිය මංගල එක්දින ශතකයට ලකුණු 3 ක් තිබියදී දැවී ගිය අතර, කුසල් ජනිත් පන්දු 36 කදි ලකුණු 52 ක් ලබාගැනීමට සමත්වුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරුවන් අතුරෙන් ලකුණු 30 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් හැරුණු කොට ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරා ඇතුලූ සියලූ ක්‍රීඩකයන් අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට පන්දු වාර 45 යි පන්දු 5 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 247 ක් පමණයි.

මේ අනුව  ඕස්ට්‍රේලියාවට මෙම තරගයෙන් ලකුණු 87 ක ජයක් හිමිවුණා.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More