අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවත් ඈතට

Friday, 28 June 2019 - 22:24

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD%E0%B6%A7
සිය පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට තබා තිබු බලාපොරොත්තු තව දුරටත් ඈතට රැගෙන යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසෙන්නට නම්  ඔවුන්ට සෙසු කණ්ඩායම් වල ඉදිරි දක්ෂතා දෙස බලාසිටින්නට සිදුවනවා.

මෙම  තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්තාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ නව ඇදුමකින් සැරසී ගෙනයි.

වෙනදා වැඩි නිල් පැහැයකින් යුක්ත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ජර්සිය අද වැඩි කහ පැහැයක් ගෙන තිබුනා.

කුසල්ට  සහ දිමුත්ට මෙම තරගයේදීත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවුණේ නැහැ.

නායක දිමුත් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

අනතුරුව කුසල් සමගින් පිටියේ එක්වුණු අවිශ්ක ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අඩිතාලමක් දැමුවා.

ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 67ක් එක්කලා.

හොදින් පන්දුවට පහරදෙමින් සිටි අවිශ්ක ලකුණු 30කට දැවී ගියා.

කුසල් ජනිත්ගේ ඉනිමත් ලකුණු 30කට සිමා වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 72කට කඩුලු 3ක් ලෙස සනිටුහන් කරමින්.

අනතුරුව මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් එංගලන්තය සමග තරගයේදී මෙන් තට්ටු දමමින් පිතිකරණයේ යෙදුනා.

පන්දු 29කට මුහුණ දීමෙන් පසු  මැතිව්ස් ලකුණු 11කට දැවී ගියා.

පන්දු 51කට මුහුණ දී ලකුණු 23ක් පමණක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම නොතිබුණු පීඩනයකට ඇද දැමුවා.

මේ නිසාම පසුව පැමිණි සෙසු පිතිකරුවන්ද මෙම තීරණාත්මක එක්දින තරගය ටෙස්ට් තරගයක් බවට පත්කර ගත්තා.

ධනංජය ද සිල්වා පන්දු 41කින් ලකුණු 24ක් රැස්කළා.

පන්දු 46කින් ලකුණු 18ක් පමණක් ලබාගත් ජීවන් මෙම තරගයේ හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කලේ තමන් අංක 6 ස්ථානයට නුසුදුසු ක්‍රීඩකයෙක් බව යලි තහවරු කරමින්.

යම් තරමකට එක්දින රිද්මය රදවා ගත් තිසර ලකුණු 21ක් රැස්කළා.

මේ අතර තරගයේ අවසන් භාගයේදී මී මැස්සන්ගෙන් ද බාධා එල්ලවුනා.

මෙම තරගයේදීත් පන්දු යවන්නන්ගේ පිහිටෙන් ජයග්‍රහණයේ සිහින දකින්නට සැරසුණු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී ලකුණු 203කට දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙම තණතීරුව පන්දු යවන්නන්ට සේම පිතිකරුවන්ටද යෝග්‍ය බව මනාව තහවරු කළා.

ඒ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නිදහසේ පහර දෙමින්.

පන්දු වාර 37යි පන්දු 2කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් ලබාගෙන දකුණු අප්‍රිකානුවන් ජය කණුව පසුකළා.

ඒ මෙම තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින්.

හෂීම් අම්ලා ලකුණු 80ක් සහ පෆ් ඩු ප්ලෙසි ලකුණු 96ක් ලබාගත්තා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 15යි.


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More