නුවන් ප්‍රදීප් වෙනුවට ලෝක කුසලාන සංචිතයට කසුන් රාජිත

Sunday, 30 June 2019 - 7:48

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී තියුණු සටනකින් පසු ඇෆ්ගනිස්ථානය පරදවා කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන් පිල සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 9 ක් දැවී ලකුණු 227 ක් රැස්කළා.

පිළිතුරු වශයෙන් පාකිස්ථානය කඩුලූ 7 ක් දැවී ලකුණු 230 ක් ලබමින් ජයග්‍රහණය වාර්තා කළේ අවසන් පන්දු වාරයේ පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදියි.

මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානය, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා තවත් පියවරක් ඉදිරියට පැමිණි අතර, ශ්‍රී ලංකාවට ඒ සඳහා පවතින අවස්ථාව තවදුරටත් අවදානමට ලක්වනවා.

ඊයේ පැවති දෙවන තරගයේදී නවසීලන්තය පරදවා ලකුණු 86 ක ජයග්‍රහණයක් ලැබීමට  ඕස්ට්‍රේලියාව සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 9 ක් දැවී ලකුණු 243 ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් නවසීලන්ත පිලට පන්දු වාර 43 යි පන්දු 4 කදී සියලූ ක්‍රීඩකයන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 157 ක් පමණයි.

එහිදී  ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් ලකුණු 26 කට කඩුලූ 5 ක් බිඳ හෙලීම විශේෂත්වයක්.  

ඕස්ට්‍රේලියාව මේ වනවිට අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.

මේ අතර අසනීප තත්ත්වයකට ලක්ව සිටින නුවන් ප්‍රදිප්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවන අතර, ඔහු වෙනුවට තවත් වේග පන්දු යවන්නෙකු වන කසුන් රාජිත යෙදවීමට අයි.සී.සී. අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් තරග දෙකක් හිමිව ඇති අතර, ඉන් පළමුවැන්න බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ චෙස්ටර් - ලෙ ස්ට්‍රීට් හිදී හෙට පැවැත්වෙනවා.

අනෙක් තරගය ඉන්දියාව සමඟ ලීඞ්ස් හිදී පැවැත්වෙන්නේ ජූලි 6 වනදායි.


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More