වහාම ක්‍රියාත්මකවන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි

Friday, 19 July 2019 - 7:07

%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+ICC+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සිම්බාබ්වේ ක්‍රිකට් හි, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ලන්ඩනයේ පැවති අයි.සී,සී. වාර්ෂික සම්මේලනයේදී එම තීරණයට එළඹුණු බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

පූර්ණ සාමාජික රටක් ලෙස සිම්බාබ්වේ ක්‍රිකට් සිය වගකීම් ඉටු නොකිරීම නිසා එම තීරණයට එළඹි බව එමගින් වැඩිදුරටත් සඳහන් කළා.

සිම්බාබ්වේ ක්‍රිකට් නිදහස් හා සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියක් සිදුනොකිරීම මෙන්ම, ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීම් අවසන් කිරීමට පියවර නොගැනීම මෙම තීරණයට හේතුවයි.

ඒ අනුව සිම්බාබ්වේ ක්‍රිකට් වෙත අයි.සී.සී. මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන අතර, ඔක්තෝම්බරයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු අයි.සී.සී. තරගාවලි සඳහා සහභාගිවීමට සිම්බාබ්වේ පිළට නොහැකි වනවා.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More