දශකයකට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට

Monday, 19 August 2019 - 8:43

%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
2009 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව පළමුවරට මේ වසර අවසානයේදී පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ටෙස්ට් තරගයකට සහභාගිවීමට නියමිත බව වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක විශේෂඥයන් පිරිසක් ලාහෝර් නුවර මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමක්ද සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කළේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ඇගයීමකින් පසු පාකිස්ථාන සංචාරයට සහභාගිවන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.