මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්

Monday, 02 September 2019 - 7:44

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජයගැනීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 79 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 3 ක් තුළදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදියි.

රොස් ටේලර් ලකුණු 48 ක් සහ කොලින් ඩි ග්‍රෑන්ඞ්හෝම් ලකුණු 44 ක් ලබාගත්තා.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඊයේ සමත්වුණා.

නවසීලන්තය හා පැවති තරගයේ ඔහු ලබාගත් කඩුලු දෙක ද සමඟ ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී ලබාගත් මුළු කඩුලු සංඛ්‍යාව 99 ක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පාකිස්ථාන ක්‍රීඩක සයිඞ් අෆ්රිඩියි. ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 98 ක්.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More