ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

Saturday, 14 September 2019 - 20:03

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ආසියානු කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 5ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දු වාර 32 යි පන්දු 4 කදී සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු 106 ක් පමණයි.  

එහෙත් ලකුණු 107ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ඉනිම ලකුණු 101 ට සීමා වුණා.

පන්දු වාර 33 ක් තුළ ඔවුන් සියලූදෙනා දැවී ගිය අතර, ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 5 කින් තරගය ජයගත්තා.