ඇෆ්ගනිස්ථානයට පිට පිට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ජයග්‍රහණ 11 ක්

Sunday, 15 September 2019 - 13:24

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB+11+%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ ඊයේ පැවති තරගයකදී සිම්බාබ්වේ පිල පරදවා ලකුණු 28 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 197 ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී ඇෆ්ගනිස්ථාන පිලේ නජිබුල්ලා සර්දාන් සහ මොහොමඩ් නබී පිට පිට පන්දු හතකදී හයේ පහර හතක් එල්ලකිරීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ පිලට සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 7 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 169 ක් පමණයි.

එමෙන්ම මෙය ඇෆ්ගනිස්ථාන පිල පිට පිට වාර්තා කළ 11වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ජයග්‍රහණයද වනවා.