අළු බඳුන ඕස්ට්‍රේලියාවට

Monday, 16 September 2019 - 7:30

%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මෙවර අළු බඳුන ශූරතාව හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාවට ඊයේ සමත්වුණා.

ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 135 කින් ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඒ අනුව තරග පහකින් සමන්විත අළු බඳුන තරගාවලියේ තරග දෙක බැගින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ජයගත් අතර, එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමාවුණා.

කෙසේ වුවත් අළු බඳුන තරගවල සම්ප්‍රදායට අනුවයි ඔස්ට්‍රේලියාවට මෙම ජයග්‍රහණය හිමිවුණේ.