ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්

Monday, 16 September 2019 - 12:59

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්ථාන තරග සංචාරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු ලිපියට ක්‍රිඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාර අද දිනය තුළ බොහෝ දුරට ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

පාකිස්ථාන තරග සංචාරයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ක්‍රිකට් ආයතනයෙන් පසුගිය 12 වනදා ලිඛිතව විමසීමක් කරනු ලැබුවා.

මේ අතර ලබන 27 වනදා පාකිස්ථානයට එරෙහිව ආරම්භ වන එක්දින සහ පන්දු වාර විස්ස විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25  වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සිට පුහුණුවීම්වල නිරත වන බවයි වාර්තා වන්නේ.